නියෝජ්‍ය විදුහල්පති (සංවර්ධන) පණිවිඩය
ඩබ්ලිව්.එම.ටි.තිලකරත්න බණ්ඩාර මයා
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, දිබුලාගල අධ්‍යාපන කලාපයේ ප්‍රධාන පාසලක් වන අප පාසලේ දරුවන් 1910 පමණද ගුරුභවතුන් 70 ක් පමණද සිටින අතර උසස්පෙළ ශිෂ්‍යත්ව සාපෙළ ප්‍රතිපල ඉහල මට්ටමක පවතින ජනප්‍රිය පාසලක් බවට පත්ව ඇති අතර ගුරුභවතුන්, නියෝජ්‍ය විදුහල්පති වරුන් කරන කැපකිරීම, ශක්තිමත් ප්‍රජාවක් සිටීම, ප්‍රසිද්ධ නගරයක් ආසන්නයේ තිබීම ඉතා වටිනා අතර රාජ්‍ය ආයතන වල සහයද ඉතා අගනේය.අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි.අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.
අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත. අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
ඩබ්ලිව්.එම.ටි.තිලකරත්න බණ්ඩාර මයා
නියෝජ්‍ය විදුහල්පති (සංවර්ධන)
පො/දිඹු/සිරිපුර මධ්‍ය මහා විදුහල .





